• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ජපාන රූපවාහිනි වැඩසටහන් වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතිය
- ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව වෙත රූපවාහිනි අධ්‍යාපනික වාර්තා වැඩසටහන් 449ක් සලසා දීම සඳහා ජපාන යෙන් මිලියන 52.6ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 73ක) ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත. ඊට අතිරේකව, එම වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ විකාශනය සඳහා අවශ්‍ය හඬ කැවීම, උප ශීර්ෂ යෙදීම හා නිෂ්පාදනය යනාදිය සඳහා වන පිරිවැයද ජපාන අරමුදල් වැඩසටහන මඟින් ආවරණය කෙරෙනු ඇත. මෙමඟින් ලෝක දැනුම පිළිබඳ දැනුම්වත්භාවයක් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් තුළ ගොඩනැ‍ෙඟනු ඇත. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර අත්සන් තැබීමටත්, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සමඟ ප්‍රදාන ගිවිසුමකට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.