• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සදාචාරසම්පන්න සමාජයක් ගොඩනැඟීමේ අරමුණින් ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන
- සදාචාරසම්පන්න සමාජයක් ගොඩනැඟීම සඳහා සමාජය තුළ ආගමික වටිනාකම් සුපෝෂණය කළ යුතු අතර, ඒ සඳහා මෙම ක්‍රියාවලිය තුළ සක්‍රීයව නිරතව සිටින ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම මඟින් රටෙහි ආගමික ප්‍රබෝධයක් ඇති කිරීම පිණිස දිවයින පුරා විවිධ පළාත්වල තෝරාගත් ඇතැම් ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ වනුයේ සමාජය තුළ දක්නට ලැබෙන ආධ්‍යාත්මික පරිහානිය මඟහරවා ලමින් ආගමික ශික්ෂණයෙන් සුපෝෂිත වූ ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැඟීම පිණිස ආගමික ප්‍රවේශයක් යොදා ගැනීමයි. ඒ අනුව, සමාජය තුළ ආගමික වටිනාකම් සුපෝෂණය කිරීමේ ක්‍රියාවලිය තුළ සක්‍රීයව නිරතව සිටින ආගමික මධ්‍යස්ථාන පිළිබඳව අවධානය යොමු කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, එම වැඩසටහන සම්බන්ධීකරණය කිරීම පිණිස ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් හා බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් යන නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.