• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මූල්‍ය නගරය (Financial City - FC)
- යෝජිත මූල්‍ය නගරයෙහි මුඛ්‍ය අරමුණ වනුයේ කලාපයේ ප්‍රමුඛ මූල්‍ය මධ්‍යස්ථානය බවට පත්වීම වන අතර, ඉන්දියානු, දකුණු ආසියානු හා මැද පෙරදිග කලාපයන්ගෙන් මෙන්ම එංගලන්තය ඇතුළු යුරෝපා රටවලින් විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු වේ. මෙම මූල්‍ය නගරය අප කලාපය සඳහා තරගකාරී හා නවීන මූල්‍යමය සේවා සපයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම තුළින් ශ්‍රී ලංකාව වෙත විදේශ ප්‍රාග්ධනය විශාල වශයෙන් ගලා එනු ඇත. තවද, නව බුද්ධිමය කුසලතාවන් හා හැකියාවන් ඇති කරමින් ශ්‍රී ලාංකිකයන් සඳහා පුළුල් රැකියා අවස්ථාවන්ද සලසා දෙනු ඇත. ජාතික වශයෙන් වැදගත් විශේෂ ව්‍යාපෘතියක් ලෙස සැලකෙන මෙම ව්‍යාපෘතියට අවශ්‍ය කාර්ය මණ්ඩලය හා සම්පත් සපයා ගනිමින් යෝජිත මූල්‍ය නගරයේ මූලික ක්‍රියාකාරකම් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ආරම්භ කිරීමටත්, මූල්‍ය නගරය ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය නීතිමය සේවාවන් ලබාගැනීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.