• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතර දිස්ත්‍රික්කයේ කඩිනමින් ක්‍රියාත්මක කළයුතු කෙටිකාලීන ජලසම්පාදන වැඩිදියුණු කිරීම්
- මාතර දිස්ත්‍රික්කය තුළ මාතර හා වැලිගම නගර සභා ප්‍රදේශත්, ප්‍රාදේශීය සභා ප්‍රදේශත් සඳහා වෙන වෙනම ජලසම්පාදන යෝජනා ක්‍රම දෙකක් ක්‍රියාත්මක වන අතර, දිනෙන් දින වර්ධනය වන පාරිභෝගික ඉල්ලුම සපුරාලීමේදී එම ජලසම්පාදන යෝජනා ක්‍රම දෙකෙහි ධාරිතාව ප්‍රමාණවත් නොවේ. මේ සඳහා පිළියමක් ලබා දීමේ අරමුණින් 'මාතර අදියර IV ජලසම්පාදන ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර, එම ව්‍යාපෘතිය 2019 වර්ෂයේදී නිම වනු ඇත. එතෙක් මාතර දිස්ත්‍රික්කයේ මාතර හා වැලිගම ජලසම්පාදන යෝජනා ක්‍රමවල පවතින ගැටලුවලට කෙටිකාලීන කඩිනම් විසඳුම් හඳුන්වා දීමේ අරමුණින්, මාලිම්බඩ හා හල්ලල ජල පවිත්‍රාගාරයන්හි නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා වන කාර්යයන් රුපියල් මිලියන 477ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.