• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ සංවර්ධනය හා රැකියා උත්පාදනය උදෙසා ණය පහසුකම් සැලසීම
- රට පුරා වෙසෙන ජනතාවගේ ජීවනෝපායන් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මඟින් දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරි කොට්ඨාස සංවර්ධනය කිරීම සඳහා වන ග්‍රාමීය පුනර්ජීවන වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 19,875ක මුදලක් 2016 අයවැය මඟින් වෙන් කරනු ලැබ ඇත. මෙම අරමුදල්වලින් රුපියල් මිලියන 4,000ක මුදලක් යොදවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය තුළ වැඩි වැඩියෙන් රැකියා අවස්ථා උත්පාදනය කිරීමේ අරමුණින් එම ක්ෂේත්‍රය සඳහා සුදුසු ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාවට නැංවීම සඳහා 'සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම හා රැකියා උත්පාදනය' නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.