• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල යුද්ධයෙන් හානි වූ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය/ ප්‍රතිස්ථාපනය කිරීම
- උතුරු නැ‍ඟෙනහිර පළාත්වල දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඓතිහාසික හා සංස්කෘතික වශයෙන් වැදගත් විහාරස්ථාන/ආගමික සිද්ධස්ථාන රාශියක් හානියට පත් වී ඇති අතර ඒවායේ ප්‍රතිසංස්කරණ කටයුතු ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව සෘජුවම එම පළාත්වල විහාරස්ථානවල/ආගමික සිද්ධස්ථානවල භාරකාර මණ්ඩල වෙත ලබා දෙන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් ව ඇත. මෙවැනි ප්‍රතිසංස්කරණ කටයුතුවල ස්වභාවය සහ ඒ වෙනුවෙන් දෙස් - විදෙස් විවිධ මූලාශ්‍රවලින් ලැබෙන ද්‍රව්‍යමය හා මූල්‍යමය ආධාර මෙන්ම ශ්‍රම දායකත්වයද සැලකිල්ලට ගෙන, අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ, උතුරු නැ‍ඟෙනහිර පළාත්වල යුද්ධයෙන් හානි වී ඇති විහාරස්ථාන/ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය/ප්‍රතිස්ථාපනය කිරීමේ කටයුතු සෘජුවම අදාළ විහාරස්ථානයේ/ආගමික සිද්ධස්ථානයේ කළමනාකාර/භාරකාර මණ්ඩලය වෙත පිරිනැමීමට කටයුතු කරනු ලැබ ඇති බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.