• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මානව සම්පත් සේවා ආයතනය (HRSA) ස්ථාපිත කිරීම
- ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා සහ සංවර්ධන වැඩසටහන් කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීම සඳහා රජය වෙත වෘත්තිකයන්ගේ සේවාවන් ලබාගැනීමේ අරමුණින් මානව සම්පත් සේවා නියෝජිතායතනයක් ස්ථාපිත කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අනුව එම නියෝජිතායතනය 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, එකී නියෝජිතායතනයේ මූලික ප්‍රාග්ධන අවශ්‍යතාව සපුරා ගැනීම පිණිස ඒකාබද්ධ අරමුදලින් රුපියල් මිලියන 5ක ප්‍රදානයක් ලබාගැනීමටත්, එම නියෝජිතායතනය සංස්ථාගත කිරීමේ කටයුතු සඳහා නීතිමය සේවා සපයන පෞද්ගලික ආයතනයක සහාය ලබාගැනීම වෙනුවෙන් ආවරණ අනුමැතිය ලබාගැනීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.