• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිවිධ හමුදාවන්ට අයත් පුපුරන ද්‍රව්‍ය සහ වාණිජමය පුපුරන ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා ජනගහනය අඩු ප්‍රදේශයක ගබඩා සංකීර්ණයක් ස්ථාපිත කිරීම
- උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශයන්හි හමුදා මෙහෙයුම් පැවති කාල වකවානුව තුළ ක්‍රියාන්විත කටයුතු සදහා භාවිත කරන ලද පතරොම් හා වෙඩි ද්‍රව්‍ය විවිධ ස්ථානවල තාවකාලිකව ගබඩා කරන ලද අතර, ඒවා නිසි පරිදි ගබඩා කර තැබීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ගබඩා සංකීර්ණයක් ජනගහනය අඩු ප්‍රදේශයක ඉදි කිරීමට 2011 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. අවම ජනගහනයක් වාසය කරනු ලබන ස්ථානයක පුපුරන ද්‍රව්‍ය ගබඩා කිරීම සුදුසු බැවින්, දැනට විවිධ ස්ථානයන්හි ගබඩා කර ඇති, ත්‍රිවිධ හමුදාවන්ට අයත් පුපුරන ද්‍රව්‍ය හා වාණිජමය පුපුරන ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විධිමත් ගබඩා සංකීර්ණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව ප්‍රදේශයේ ඉදි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.