• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින් සඳහා වන 'සම්පත් මධ්‍යස්ථානය' ඉදි කිරීම වෙනුවෙන් දිගුකාලීන බදු පදනම මත රජයේ ඉඩමක් ප්‍රදානය කිරීම
- ජාතික, පළාත් හා ප්‍රාදේශීය මට්ටමින් රාජ්‍ය ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියෙහි ප්‍රමුඛ හා වැදගත්ම රාජ්‍ය සේවාව ලෙස පිළිගැනෙන ශ්‍රී ලංකා පරිපාලන සේව‍ෙය් නිලධාරින් සඳහා සම්පත් මධ්‍යස්ථානයක් ඉදි කිරීමට බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටසක් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය වෙත ලබා දීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.