• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද්විපාර්ශ්වික දේශපාලනික උපදේශකත්වය සඳහා ශ්‍රී ලංකාවේ සහ ජෝර්ජියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ අතර ඇති කරගනු ලබන අවබෝධතා ගිවිසුම
- දෙරට අතර දේශපාලන මෙන්ම ආර්ථික, වෙ‍ෙළඳ, විද්‍යාත්මක, තාක්ෂණික, සංචාරක ප්‍රවර්ධනය සහ සංස්කෘතික සහයෝගිතාව ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජෝර්ජියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර ඇති කරගනු ලබන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශකත්වය සඳහා වන අවබෝධතා ගිවිසුමට 2016 අගෝස්තු 3-4 දිනවල කොළඹදී පැවැත්වීමට නියමිත විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මට්ටමේ සාකච්ඡා අතරතුරදී අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.