• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා සිව්මහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- කළුතර නගරය කේන්ද්‍ර කරගෙන පිහිටා ඇති කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 87කින් සමන්විත වන අතර, එහි වෙසෙන මුළු ජනගහනය 159,225ක් පමණ වේ. කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනට කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දෙවන මහලේ ස්ථාපිත කර ඇති අතර, පවතින අවම ඉඩ පහසුකම් හේතුවෙන් එහි රාජකාරි කරනු ලබන නිලධාරින්ට මෙන්ම සේවය ලබන මහජනතාවටද විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වේ. ඒ අනුව, කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා රුපියල් මිලියන 180ක ඇස්තමේන්තුගත මුළු පිරිවැයකින් වෙනම ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.