• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික භාෂා සමානාත්මතාව ප්‍රගමනය කිරීමේ ව්‍යාපෘතියට (National Languages Equality Advancement Project -NLEAP) අදාළව ශ්‍රී ලංකා රජය සහ කැනේඩියානු රජය අතර අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම
- ශ්‍රී ලංකාවේ වෙසෙන ජනවර්ගයන් අතර ජාතික සහජීවනය, සංවාදය හා රාජ්‍ය භාෂාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සහ රටෙහි ජීවත් වන සිංහල හා දෙමළ භාෂාව කථා කරන ජනතාවගේ ආර්ථික හා සමාජයීය සමානාත්මතාව වැඩිදියුණු කිරීමේ අදහස ඇතිව, 'ජාතික භාෂා සමානාත්මතාව ප්‍රගමනය කිරීමේ ව්‍යාපෘතිය (NLEAP)', පස් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. කැනඩා රජය මඟින් ලබා දෙනු ලබන කැනේඩියානු ඩොලර් මිලියන 11.2ක ප්‍රදානය උපයෝගී කරගනිමින් එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය හා කැනඩා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.