• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කඳුරට නව ගම්මාන සංවර්ධන අධිකාරිය පිහිටුවීම
- කඳුරට නව ගම්මාන සංවර්ධන අධිකාරිය පිහිටුවීම සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කාර්යසාධක බලකාය විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි, වැවිලි ප්‍රදේශයන්හි නව ගම්මාන පිහිටුවා ලීම මඟින් සමාජ, ආර්ථික, සංස්කෘතික හා යටිතල පහසුකම් සංවර්ධනය කර එම ප්‍රදේශවල ජනතාව වඩාත් සක්‍රීය ලෙස ජාතික ප්‍රවාහයට එක්වීම සහතික කිරීම හා එමඟින් වැවිලි ප්‍රජාව සවිබලගැන්වීමේ පරමාර්ථයෙන් කඳුරට නව ගම්මාන සංවර්ධන අධිකාරියක් පිහිටුවීම සඳහා නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.