• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිවාස නොමැති අයට සෙවණ සැපයීමේ ජාත්‍යන්තර වර්ෂය -1987
- එවක ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම නිවාස අමාත්‍යවරයාද වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ යෝජනාවක් අනුව ලොව පුරා සිටින නිවාස නොමැති ජනතාවගේ නිවාස ගැටලුවලට විසඳුම් සොයාගැනීමේ අරමුණින් 1987 වර්ෂය 'නිවාස නොමැති අයට සෙවණ සැලසීමේ ජාත්‍යන්තර වර්ෂය' ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 35 වැනි සැසි වාරයේදී ප්‍රකාශයට පත් කරන ලදී. මෙයට සමගාමීව ශ්‍රී ලංකාව විසින් සංවර්ධනය වෙමින් පවතින තවත් රටවල් කිහිපයක සහයෝගය ඇතිව විවිධ මානව ජනාවාස ව්‍යාපෘති රාශියක් ක්‍රියාවට නංවන ලදී. නිවාස නොමැති අයට සෙවණ සැලසීමේ ජාත්‍යන්තර වර්ෂයේ 30 වෙනි සංවත්සරය 2017 වසරට යෙදී ඇති අතර, එය සැමරීම සඳහා දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක ආදර්ශ ගම්මාන හා උදාකළ ගම්මාන මාලාවක් සංවර්ධනය කිරීම 2017 ජනවාරි 01 දින ආරම්භ කිරීමට, තෝරාගත් මානව ජනාවාස ව්‍යාපෘති කිහිපයක් නිම කර විවෘත කිරීමට සහ සැමරුම් වැඩසටහන් කිහිපයක් සංවිධානය කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.