• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමට පෙර, වැටුප් ගෙවීම සඳහා ප්‍රතිපාදන ලබාගැනීම
- පාඩු ලැබීම හේතුවෙන් රජයට වැය බරක්ව පවතින බැවින් දැනට ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලසුම් සකස් ‍කෙ‍ෙරමින් පවතින ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනයන්හි සේවකයින්ට මෙම වසරේ ඉදිරි කාලසීමාව සඳහා වැටුප් ගෙවීමට මහා භාණ්ඩාගාරය වෙතින් මුදල් ප්‍රතිපාදන ලබා දීම පිණිස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.