• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගම්පොළ වාණිජ සංකීර්ණය සහ අතුරු මාර්ගය ඉදි කිරීම
- මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි ගම්පොළ නගරය වර්ග කිලෝමීටර 5.18ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇති අතර, එම නාගරික බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පහසුකම් ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව සැපයීම සඳහාත්, නගරය තුළ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහාත් ගම්පොළ නගරය විධිමත්ව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතියේ ප්‍රථම අදියර ලෙස දැනට පවතින රථවාහන තදබලය අවම කරමින් විකල්ප මාර්ගයක් ඉදි කිරීමටත්, ඒ ආශ්‍රිතව වාණිජ සංකීර්ණයක් ඉදි කිරීමටත් අපේක්ෂා කෙරෙන අතර එම කාර්යය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් කොටසක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.