• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිලිනොච්චියෙහි පිහිටි ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනයේ (SLGTI) සහ උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල පිහිටි පරිවාර පුහුණු මධ්‍යස්ථානවල (Satellite Centers) ඉංග්‍රීසි භාෂා පුහුණුව ක්‍රියාත්මක කිරීම
- උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ඉල්ලුම පදනම් කර ගත් වෘත්තීය පුහුණුව වර්ධනය කිරීමේ අරමුණින් 'ශ්‍රී ලංකාවේ උතුරු හා නැ‍ඟෙනහිර පළාත් වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය' ජර්මානු රජයේ ප්‍රදාන හා ආධාර යටතේ ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චියේ ස්ථාපිත කළ ශ්‍රී ලංකා - ජර්මානු පුහුණු ආයතනය (SLGTI) අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නොබෝදා විවෘත කරන ලද අතර, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 4,5 සහ 6 යන මට්ටම්වල පුහුණු පාඨමාලා එහි ආරම්භ කිරීමට නියමිතය. තවද, NVQ 1 සිට 3 දක්වා මට්ටම්වල පුහුණු පාඨමාලා සඳහා ප්‍රවේශය ලබා දෙමින් පරිවාර වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 15ක් උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ස්ථාපිත කෙරෙනු ඇත. ශ්‍රී ලංකා - ජර්මානු පුහුණු ආයතනයේ සහ එකී පරිවාර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන්හි සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කිරීම සඳහා සහාය ලබා දීමට ජර්මනියේ Johannes Gutenberg - University Mainz විශ්වවිද්‍යාලය හා ජර්මානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (GIZ) ඉදිරිපත් වී ඇති අතර, ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.