• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්නපුර පළාත් මහ රෝහලේ දෙමහල් ළමා වාට්ටු සංකීර්ණය ඉදි කිරීම
- සබරගමුව පළාතේ පිහිටි තෘතීයික සේවා සපයන විශාලතම රෝහල රත්නපුර පළාත් මහ රෝහල වන අතර, එය අනෙකුත් යාබද පළාත්වල රෝගීන් විශාල සංඛ්‍යාවකටද සෞඛ්‍ය සේවා සපයයි. එහෙත් රෝගී ළමුන් සඳහා මෙම රෝහලේ දැනට පවතිනුයේ ඇඳන් 68කින් යුත් එක් වාට්ටුවක් පමණි. සෘජුවම ඇතුළත් කරනු ලබන රෝගීන් මෙන්ම අනෙකුත් රෝහල්වලින් මාරු කර එවනු ලබන රෝගීන් නිසා ළමා වාට්ටුව නිරතුරුවම රෝගීන්ගෙන් පිරී පවතී. රෝගී සත්කාරක සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවත්, රෝගී දරුවන් රෝහල්ගත වීමේ සංඛ්‍යාව ඉහළ යාමද සැලකිල්ලට ගනිමින් රත්නපුර පළාත් මහ රෝහලේ ළමා වාට්ටුව සඳහා අමතර ඇඳන් 116ක් එකතු කළ හැකි වන පරිදි දෙමහල් ගොඩනැඟිල්ලක් දානපතියන් විසින් කරනු ලබන ධන පරිත්‍යාග උපයෝගී කරගනිමින් රුපියල් මිලියන 70ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීමටත්, සෙසු පහසුකම් රජය විසින් සලසා දීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.