• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාසල්වල විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය ඉහළ නැංවීම සහ ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය
- අනාගත ලෝකයේ රැකියා අතුරින් 65%ක් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය ආශ්‍රිත රැකියාවන්ගෙන් සමන්විත වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහෙත් ශ්‍රී ලංකාව තුළ එම විෂය ධාරා හදාරනුයේ 30%ක් පමණ වන ශිෂ්‍ය ප්‍රතිශතයකි. අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ ලෝක රැකියා වෙළඳපොළ හා සැසඳීමේදී එම ප්‍රතිශතය ඉතා පහළ අගයක් ගන්නා බැවින්, විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත ක්ෂේත්‍රයන්හි අධ්‍යාපනය ලැබීම සිසුන් අතර ප්‍රචලිත කිරීමටත්, විද්‍යා හා තාක්ෂණ විෂයට අදාළ ඉගෙනුම් ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීමටත්, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අදාළ අනෙකුත් අමාත්‍යාංශවලද සහයෝගය ඇතිව පාසල්වල විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත අධ්‍යාපනය ඉහළ නැංවීමට සහ නවෝත්පාදන දැනුම ඵලදායී අයුරින් පාසල් සිසුන් වෙත බෙදා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.