• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සමාජ සංවර්ධන ආයතනයට අයත් ගොඩනැඟිලි සංකීර්ණයක් සීදූව ප්‍රදේශයේ ඉදි කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කරගැනීම
- සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික සමාජ සංවර්ධන ආයතනය, සමාජ කාර්යයන් (Social Work) පිළිබඳව අධ්‍යාපනය ලබා දෙන ශ්‍රී ලංකාවේ ඇති එකම රාජ්‍ය අධ්‍යාපන ආයතනයයි. මෙම ආයතනය විසින් ප්‍රායෝගික පුහුණුවීම්ද ඇතුළත් ඉහළ මට්ටමක ගුණාත්මකභාවයකින් යුතු අධ්‍යයන පාඨමාලා ක්‍රියාත්මක කරනු ලබයි. දැන‍ට මෙම ආයතනය විසින් පවත්වනු ලබන පූර්ණකාලීන පාඨමාලා 17ක් සඳහා සහභාගි වන සිසුන් 1,500 දෙනෙකු පමණ බදු කුලී පදනම මත ලබාගත් වර්ග අඩි 70,000ක පමණ ඉඩ ප්‍රමාණයක් තුළ විවිධ අපහසුතා මධ්‍යයේ අධ්‍යයන කටයුතු සිදු කරනු ලබන අතර, එම ඉඩ ප්‍රමාණය අධ්‍යයන පාඨමාලා පැවැත්වීම, කාර්යාල කටයුතු පවත්වා ගෙන යාම, ආචාර්ය මණ්ඩලයේ හා ශිෂ්‍යයන්ගේ සුබසාධන පහසුකම් සැපයීම ආදී කාර්යයන්ට ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, මෙම ගැටලුව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද නිලධාරි කමිටුවේ නිර්දේශය පරිදි, ජාතික සමාජ සංවර්ධන ආයතනය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස වර්ග අඩි 100,000ක පමණ වපරිසරයකින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.