• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ 2016-06-05 දින සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා යාමෙන් හානි වූ නිවාසවලට වන්දි ගෙවීම
- සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරී යාම හේතුවෙන් නිවාස සහ පරිශ්‍ර සඳහා සිදු වී ඇති හානි රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කරනු ලැබ ඇත. එම තක්සේරුව පදනම් කරගනිමින් හානියට පත් නිවාස හා පරිශ්‍ර සඳහා කඩිනමින් වන්දි ලබා දීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.