• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන අදියර සහ කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා කුලුනු මතින් ඉදිවෙන මාර්ගය සඳහා ණය මුදලක් ලබාගැනීම
- ශ්‍රී ලංකා රජය විසින් ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘති ලෙස හඳුනාගනු ලැබ ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීම සහ කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා කුලුනු මතින් ඉදිවන මාර්ගය ඉදි කිරීම කඩිනමින් ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව වේ. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වන අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටසද, කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා කුලුනු මතින් ඉදිවන මාර්ගය ද ඉදි කිරීම සඳහා Tokyo - Mitsubishi UFJ, Ltd. බැංකුව වෙතින් සහන ණය ආධාර ලබාගැනීම ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබ ඇති අතර, ඒ අනුව ඊ‍ට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.