• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කාර්මික, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ආයතනයන්හි මධ්‍යස්ථාන කළමනාකරුවන් සඳහා සිංගප්පූරුවේදී පවත්වනු ලබන නායකත්ව පුහුණු වැඩසටහන
- නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ආයතනයන්හි මධ්‍යස්ථාන කළමනාකරුවන් 60 දෙනෙකු සඳහා සති දෙකක නායකත්ව පුහුණු වැඩසටහනක් සිංගප්පූරුවේදී පැවැත්වීම පිණිස සිංගප්පූරු ඩොලර් 280,840 ක ප්‍රදානයක් ලබා දීමට සිංගප්පූරුවේ ස්ථාපිත, ලාභ අරමුණු කර නොගත් සමාජ සත්කාරක ආයතනයක් වන 'තමසෙක් පදනම' (Temasek Foundation) විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත. ඒ අනුව, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සහ එම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන, සිංගප්පූරුවේ කීර්තිමත් ආයතනයක් වන ITE Education Services ආයතනය අතර ගරු අග්‍රාමාත්‍යතුමාගේ සිංගප්පූරු නිල සංචාරයේදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ආවරණ අනුමැතිය දෙන ලදී.