• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර පොලිස් විද්‍යාලයේ නවාතැන් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- කළුතර පිහිටි පොලිස් විද්‍යාලය මඟින් දිවයිනේ සෑම පොලිස් ස්ථානයක්ම ආවරණය වන පරිදි පොලිස් නිලධාරින් සහභාගි කරවා ගනිමින් පොලිස් සේවාවට අදාළ සියලු පුහුණු පාඨමාලා පවත්වා ගෙන යනු ලැබේ. මෙහි පුහුණුව ලබන නිලධාරින්ගේ ප්‍රයෝජනය සඳහා ඉදි කර ඇති නවාතැන් ගොඩනැඟිලි බොහෝමයක් වසර 100කට වඩා පැරණි වන අතර, ඒවා අබලන් තත්ත්වයේ පවතියි. ඒ හේතුවෙන්, පුහුණු පාඨමාලා සඳහා සහභාගි වන නිලධාරින්ට ප්‍රමාණවත් පරිදි නවාතැන් පහසුකම් ලබා දීම ගැටලුවක්ව පවතියි. ඒ අනුව, රුපියල් මිලියන 199.69ක ඇස්තමේන්තුගත මුළු පිරිවැයකින් කළුතර පොලිස් විද්‍යාලය සඳහා නවීන පහසුකම්වලින් සමන්විත නවාතැන් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.