• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුබසාධක මධ්‍යස්ථානවල වෙසෙන සියලුම අභ්‍යන්තරික වශයෙන් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම
- සුබසාධක මධ්‍යස්ථානවල වෙසෙන අභ්‍යන්තරික වශයෙන් අවතැන් වූ සියලු දෙනා වහාම නැවත පදිංචි කිරීමේ අවශ්‍යතාව අතිගරු ජනාධිපතිතුමා විසින් අවධාරණය කරනු ලැබ ඇත. ඒ සඳහා සුබසාධක මධ්‍යස්ථානවල දැනට වෙසෙන අභ්‍යන්තරික වශයෙන් අවතැන්වූවන් නැවත පදිංචි කරවීම පිණිස ප්‍රමුඛතා පදනම මත නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. මේ වන විට යාපනය දිස්ත්‍රික්කයේ තිබෙන සුබසාධක මධ්‍යස්ථාන 31හි අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ පවුල් 971ක් වාසය කරන අතර, ඒ අතරින් පවුල් 641ක් ඉඩම් අහිමි පවුල් වේ. ඒ අනුව, සුබසාධක මධ්‍යස්ථානවල වෙසෙන එකී අභ්‍යන්තරික වශයෙන් අවතැන් වූ පවුල් සඳහා රුපියල් මිලියන 971ක මුළු වියදමකින් ස්ථිර නිවාස කඩිනමින් ඉදි කර දීම පිණිස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.