• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුහුණු කිරීම්, සහතික කිරීම්, මුරකාවලයෙහි යෙදීමේ (STCW 1978 - සංශෝධිත) රෙගුලාසි සංශෝධනය කිරීම
- නෞකාවල සේවය කරනු ලබන නාවිකයන් සඳහා ජාත්‍යන්තර වෙළඳ නාවික රෙගුලාසිවලට අනුකූලව පුහුණු කිරීම්, සහතික කිරීම්, මුරකාවලයෙහි යෙදීමේ කටයුතු සිදු කරනු ලබන අතර, මෙම ප්‍රමිතීන් වෙළඳ නාවික ලේකම් කාර්යාලය විසින් 1818/37 අංක දරන 2013‑07‑12 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් රෙගුලාසි වශයෙන් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇත. ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ මඟපෙන්වීම අනුව සහ වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි එම රෙගුලාසි සංශෝධනය කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.