• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මැතිවරණ කොමිෂන් සභාව සඳහා නවීන තාක්ෂණය උපයෝගී කරගත් මධ්‍යගත දත්ත කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම
- ඡන්දහිමි නාමලේඛනයේ දත්ත, දිස්ත්‍රික් මට්ටමින් පරිගණකගත කිරීමේ කටයුතු 1995 වර්ෂයේදී ආරම්භ කරන ලදී. එය තවදුරටත් වැඩිදියුණු කර ස්වයංක්‍රීය ඡන්දහිමි නාමලේඛන පද්ධතියක් සඳහා වූ ක්‍රමවේදයක් 2006 වර්ෂයේදී හඳුන්වා දෙන ලද අතර, එම ක්‍රමවේදය යටතේ ඇති වන ගැටලුවලට පිළියම් යොදමින් නවීන තාක්ෂණය යොදාගෙන මධ්‍යගත දත්ත කළමනාකරණ පද්ධතියක් සකස් කිරීම සුදුසු බව හඳුනාගෙන ඇත. එමඟින් ස්ථාන කිහිපයක ලියාපදිංචිවීම වළක්වා ලීම, දිස්ත්‍රික් මට්ටමෙන් වෙන වෙනම දත්ත පද්ධති පවත්වාගෙන යාමේදී දැරීමට සිදුවන අධික පිරිවැය අඩු කිරීම, දත්තවල ආරක්ෂාව සහතික කිරීම යන කරුණු සහතික කෙරේ. ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාව සඳහා රුපියල් මිලියන 31.8ක පිරිවැයකින් මධ්‍යගත නවීන තාක්ෂණික දත්ත කළමනාකරණ පද්ධතියක් පිහිටුවීමටත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල් 2016 වර්ෂය තුළ සලසා දීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.