• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උපදේශක සමාගමක් ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය සහ සිංගප්පූරුවේ ‍සර්බානා ජුරෝංග් (Surbana Jurong) පෞද්ගලික සමාගම අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
- ශ්‍රී ලංකාවේ ආයෝජන හැකියාවන්/විභවතාවන් පිළිබඳව නිවැරදි ලෙස තක්සේරු කරමින් ශ්‍රී ලංකාව ආකර්ෂණීය ආයෝජන ගමනාන්තයක් බවට පත් කිරීම පිණිස ඉහළ මට්ටමේ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමේ දැඩි අවශ්‍යතාව රජය විසින් හඳුනා ගනු ලැබ ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා රජයට උපරිම ප්‍රතිලාභ ලබා ගත හැකි වන පරිදි රජයට අයත් උපදේශක සමාගමක් ස්ථාපිත කිරීම යෝග්‍ය බව හඳුනාගෙන ඇත. ඒ අනුව, එවැනි උපදේශක සමාගමක් පිහිට‍ුවීම සඳහා නාගරික සැලසුම්කරණය හා නිර්මාණය, සංවර්ධන කළමනාකරණය, වාස්තු විද්‍යාව, පිරිවැය හා කොන්ත්‍රාත් කළමනාකරණය, ව්‍යාපෘති කළමනාකරණය, පහසුකම් කළමනාකරණය ආදී පුළුල් ක්ෂේත්‍රයක් තුළ පැතිරුණු සේවාවන් සපයන ලොව පිළිගත් නගර ප්‍රතිසංවර්ධන උපදේශක සමාගමක් වන සිංගප්පූරුවේ සීමාසහිත සර්බානා ජුරෝංග් (Surbana Jurong) පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.