• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය - 2016
- වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සඳහා පාදක කරගත යුතු නව නිර්ණායක වෙතොත් ඒවා ද ඇතුළත් කරමින්, 2002 වර්ෂයේදී සකසන ලද බස් ගාස්තු සංශෝධනය කිරීමේ ප්‍රතිපත්ති හා නිර්ණායක සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද විද්වත් කමිටුව විසින් බස් සංගම් නියෝජිතයින්ගේ හා මගී සංගම් නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා ද ලබා ගනිමින් සිය නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ ඇත. මනා පොදු ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාමේ අරමුණින්, එම කමිටුව විසින් 6%ක සංශෝධිත බස් ගාස්තු වැඩිවීමක් ලබා දීම නිර්දේශ කර ඇති අතර, එය ජාතික ගමනාගමන කොමිෂන් සභාව හරහා විධිමත් පරිදි ක්‍රියාත්මක කළ යුතුව ඇති හෙයින්, එකී බස් ගාස්තු වැඩිවීම 2016 අගෝස්තු මස 01 වන දින සිට ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.