• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැලණි දකුණු ඉවුර ජල සම්පාදන යෝජනා ක්‍රමයෙහි අදියර II ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යාධාර ලබාගැනීම
- කැලණිය දකුණු ඉවුර ජල පවිත්‍රාගාරයේ ධාරිතාව වැඩි කිරීම පිණිස ඝන මීටර 180,000ක ජල පවිත්‍රාගාරයක් අලුතින් ඉදි කිරීම, පිරිපහදු ජලය බෙදා හැරීමේ ප්‍රධාන නළ මාර්ග ඉදි කිරීම, කිලෝමීටර 25ක් දිග ජල සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදි කිරීම, වී ‍ඔය ජලාශය ඉදි කිරීම සහ කරදිය ආවරණයක් ලෙස රබර් බැලූන සම්පාදනය සහ ස්ථාපිත කිරීම ඇතුළත් යටිතල පහසුකම් සම්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස දේශීය බැංකුවක් මඟින් සපයා ගනු ලබන යුරෝ මිලියන 13කට සමාන රුපියල් ප්‍රමාණයක් සහ ශ්‍රී ලංකා රුපියල් බිලියන 10ක් දක්වා වූ ණය පහසුකම ලබාගැනීම පිණිස භාණ්ඩාගාර ඇපකරයක් නිකුත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.