• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව පස් මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා මහල් 05කින් යුත් ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වෙත ප්‍රදානය කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.