• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තාක්ෂණවේදය ශිෂ්‍යත්ව අරමුදල
- අ.පො.ස (උසස් පෙළ) සඳහා හඳුන්වා අලුතින් හඳුන්වා දෙන ලද තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන අඩු ආදායම්ලාභී සිසුසිසුවියන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් මිලියන 100ක මුල්‍යාධාරයක් ලබා ඇති අතර, එම වැඩසටහන මහා භාරකාර දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. එහෙත් එසේ ලබාදෙන ලද අරමුදල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් පරිපාලනමය කාර්යයන් සඳහා යෙදවීමට සිදුවීමෙන් ශිෂ්‍යත්ව වැඩසටහනෙන් අපේක්ෂිත අරමුණු ඉටු නොවන තත්ත්වයක් උද්ගත වී ඇත. ඒ අනුව, අදාළ අරමුදල් අපේක්ෂිත අරමුණු සඳහා යොදවා ගැනීමට සහ එමඟින් වැඩි ශිෂ්‍ය පිරිසකට ප්‍රතිලාභ ලබා දීමට හැකි වන පරිදි, දැනට මහා භාරකාර දෙපාර්තමේන්තුව වෙත බැර කර ඇති අරමුදල් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරා ගැනීමටත්, අනතුරුව මහා භාණ්ඩාගාරයේ අදාළ වැය ශීර්ෂයක් යටතේ අයවැය මඟින් වාර්ෂික ප්‍රතිපාදන වෙන් කරගනිමින් මෙම ශිෂ්‍යාධාර වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.