• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය යටිතල පහසුකම් සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා ප්‍රතිපාදන වෙන්කරවා ගැනීම
- 'ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන' සඳහා රුපියල් බිලියන 13.3ක අයවැය ප්‍රතිපාදන 2016 අයවැය මඟින් වෙන් කරනු ලැබ ඇති අතර එම ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මක වෙමින් පවතී. රාජ්‍ය සහ පළාත් මට්ටමින් විවිධ ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන කුඩා පරිමාණයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන් මඟින් ආවරණය නොවන ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් ග්‍රාමීය යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමේ හා ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් අනුරාධපුර, මඩකලපුව හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක කිරීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.