• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැලිකඩ බන්ධනාගාරය පුනස්ථාපනය කිරීම
- ශ්‍රී ලංකාව තුළ පවතින බන්ධනාගාර වැඩි ප්‍රමාණයක් පිහිටා ඇත්තේ අදාළ නගරවල මධ්‍යයේ, ආර්ථික වශයෙන් ඉහළ වැදගත් කමකින් යුත් ඉඩම් තුළ වේ. රටපුරා පිහිටි බන්ධනාගාර පුනස්ථාපනය කිරීම වැඩසටහන යටතේ වැලිකඩ බන්ධනාගාරය හා එහි අනුකොටස් වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට යෝජිතය. වැලිකඩ බන්ධානාගාර සංකීර්ණය එකිනෙකට වෙන්වූ අංශ 04කින් සමන්විත වන අතර, ඒ අතරින් නිතර අධිකරණ වෙත ඉදිරිපත් කළ යුතු සැකකරුවන් රඳවා තබනු ලබන රිමාන්ඩ් බන්ධනාගරය ස්ථාපිත කිරීම සඳහා උපරිමාධිකරණ සංකීර්ණයට සමීපව පිහිටා ඇති සීමාසහිත බී.සී.සී. ලංකා සමාගම සතු ඉඩම පවරා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.