• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජර්මානු පෙඩරල් ජනරජය වෙතින් යුරෝ මිලියන 13 ක ශිල්පීය සහයෝගිතා ප්‍රදාන (Technical Cooperation Grant) ලබාගැනීම
- විල්පත්තු ජාතික උද්‍යානය සහ එහි ස්වාරක්ෂක කලාප කළමනාකරණ ව්‍යාපෘතිය, උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසාය සංවර්ධන ව්‍යාපෘතිය සහ සමාජ ඒකාබද්ධතාව හා ප්‍රතිසන්ධානය සඳහා පහසුකම් සැලසීමේ ව්‍යාපෘතිය යන ව්‍යාපෘති 04 ක්‍රියාත්මක කිරීම සඳහා, අතිගරු ජනාධිපතිතුමා විසින් 2016 පෙබරවාරි මස ජර්මනි‍යේ කරනු ලැබූ සංචාරයේදී, ජර්මානු පෙඩරල් ජනරජය වෙතින් ලබා දීමට එකඟ වී ඇති යුරෝ මිලියන 13ක ශිල්පීය සහයෝගිතා ප්‍රදාන (Technical Cooperation Grant) ලබාගැනීම පිණිස ගිවිසුමකට එළඹීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.