• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහ කොළඹ ජල සහ අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ වැඩසටහනෙහි තෙවන අදියර ක්‍රියාත්මක කිරීම
- මහ කොළඹ ජල සහ අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ වැඩසටහනෙහි තෙවන අදියර යූරෝ මිලියන 156ක පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ යුරෝපීය ආයෝජන බැංකුව (EIB) අතර ණය ගිවිසුමක් අත්සන් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.