• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ජයවර්ධනපුර, සබරගමුව, යාපනය, කැලණිය, කොළඹ, පේරාදෙණිය, ඌව වෙල්ලස්ස සහ අග්නිදිග යන විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- විවිධ විෂයධාරාවන් යටතේ උපාධි පාඨමාලා හැදෑරීම පිණිස විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන විද්‍යාර්ථීන් සංඛ්‍යාව වාර්ෂිකව 5% බැඟින් වැඩි කිරීමට සැලසුම් කර ඇති අතර, එසේ වැඩිවන විද්‍යාර්ථීන් සංඛ්‍යාව සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ජයවර්ධනපුර, සබරගමුව, යාපනය, කැලණිය, කොළඹ, පේරාදෙණිය යන විශ්වවිද්‍යාලවල පොදු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ සහ ඌව වෙල්ලස්ස, සබරගමුව, අග්නිදිග යන විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨ ආරම්භ කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු 2016 වසරේ ඒ සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 1,369ක මූල්‍ය ප්‍රතිපාදන යොදාගනිමින් ආරම්භ කිරීමටත්, 2017 සහ 2018 වසරවලදී ඒ සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ගැනීම‍ටත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.