• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා තිරසර සංවර්ධන පනත
- තිරසර සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය හා උපායමාර්ගය ප්‍රවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහාත්, තිරසර සංවර්ධන සභාව පිහිටුවීම හා ඊට අදාළ අනෙකුත් කරුණු සදහා විධිවිධාන සැලසීම සඳහාත් සකස් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා තිරසර සංවර්ධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ අදාළ අනෙකුත් නියමයන් සපුරාලීමෙන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.