• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතිය සංවර්ධනය උදෙසා සිවිල් සහ හමුදා අංශයන්හි සම්බන්ධීකරණය සඳහා ආයතනයක් පිහිටුවීම
- ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් සතුව පවතින දැනුම හා සම්පත් ජාතිය ගොඩනැංවීම උදෙසා පහසුවෙන් උපයෝගී කර ගත හැකි අතර, විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව තමන් සතු දැනුම භාවිතයට ගනිමින් ජාතිය ගොඩනැංවීමේ යන්ත්‍රණය සමබන්ධ වගකීම් දැරීම සඳහා ඔවුහු සූදානමින් සිටිති. එබැවින් ත්‍රිවිධ හමුදාව සතු සම්පත්, ශක්තිය සහ පුහුණුව සමස්ත ජාතික සංවර්ධනය සහ සාමය ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය වෙත දායක කර ගැනීම සඳහා සිවිල් නිලධාරින් සමඟ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරනු ලබන සිවිල් සහ හමුදා සම්බන්ධීකරණ ආයතනයක් පිහිටුවීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.