• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- විවිධ අමාත්‍යාංශ විසින් ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක කරනු ලබන 'දිවිනැඟුම' වැනි සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ විවිධ සහනාධාර වැඩසටහන් අතර මනා සහසම්බන්ධයක් නොමැති වීම හේතුවෙන් එකී සමාජ ආරක්ෂණ ක්‍රමයන්ගේ ප්‍රතිලාභ, එකී ප්‍රතිලාභ හිමි විය යුතුම ජන කොට්ඨාස වෙත ලැබෙන බවට සහතික කරගත හැකි ක්‍රමවේදයක් ස්ථාපිත වී නොමැත. දිළිඳු ජනතාව ඵලදායී ලෙස ආර්ථික ක්‍රියාවලියට එක් කරගැනීම මෙන්ම ‍වියපත් ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීම මෙරට සමාජ ආරක්ෂණ ක්ෂේත්‍රය මුහුණ දෙන බරපතළ අභියෝග වේ. දිළිඳු හා පීඩාව‍ට පත් විය හැකි ජනතාවට අර්ථවත් ප්‍රතිලාභ ලබා දෙන, ප්‍රතිලාභීන් ලෙස සුදුසු තැනැත්තන් පමණක් තෝරාගැනීමට හැකි, විනිවිදභාවයකින් යුතු තෝරාගැනීමේ ක්‍රමවේදයක් ඇති කරමින්, රජය විසින් ක්‍රියාවට නංවනු ලබන සියලු සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන් අතර මනා සහසම්බන්ධයක් ‍ෙගාඩනැ‍ඟෙන පරිදි 'සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය' යනුවෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.