• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) ආධාර යටතේ ශ්‍රී ලංකාවේ බස්නාහිර කලාපයට සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය (LRT) හඳුන්වා දීම
- බස්නාහිර කලාපයේ ප්‍රවාහන ගැටලු විසඳීම සඳහා බස්නාහිර කලාපීය මහානගර සැලසුම් ව්‍යාපෘතිය යටතේ ප්‍රමුඛතාව ලබා දී ඇති අතර, පොදු ප්‍රවාහන සේවා වැඩිදියුණු කිරීම, මාර්ග යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ප්‍රවාහන ඉල්ලුම කළමනාකරණය සහ පාරිසරික වශයෙන් තිරසර ප්‍රවාහනය යන අංශ ක්‍රමෝපායික වශයෙන් වැදගත් බවට එමඟින් හඳුනාගෙන ඇත. මහානගර කලාපයේ වර්තමාන හා අනාගත ප්‍රවාහන ඉල්ලුම සමඟ අනුගත විය හැකි වඩාත් සුදුසුම ප්‍රවාහන මාදිලිය සැහැල්ලු දුම්රිය සංක්‍රමණික (Light Rain Transit) පද්ධතිය බව විශේෂඥ නිර්දේශය වී ඇති අතර, ඒ අනුව, සැහැල්ලු දුම්රිය සංක්‍රමණික මාර්ග ඉදි කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇති මාර්ග හත (07)කි. මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණික මාර්ග ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම පිණිස ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතන‍ෙය් (JICA) සහාය ලබාගැනීමටත්, ඒ අතුරින් කොළඹ කොටුව - කොල්ලුපිටිය - බම්බලපිටිය - යුනියන් පෙදෙස - මරදාන ප්‍රදේශ යා කෙරෙමින් දිවෙන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණික මාර්ගය හා බොරැල්ල - මාලඹේ ප්‍රදේශ අතර ඉදි කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණික මාර්ගය ඉදි කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.