• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ගැමි නිවාස කමිටු ස්ථාපිත කිරීම
- 'සැමට සෙවණ' ජාතික නිවාස වැඩසටහන ඇතුළු දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන සියලු නිවාස සංවර්ධන වැඩසටහන් වඩාත් සාර්ථක හා ඵලදායී අයුරින් ක්‍රියාත්මක කිරීම උදෙසා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම මුල් කොට ගෙන 'දිස්ත්‍රික් නිවාස කමිටු', ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පදනම් කරගනිමින් 'ප්‍රාදේශීය නිවාස කමිටු' හා ගම් මට්ටමින් 'ගැමි නිවාස කමිටු' ස්ථාපිත කර නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ අදාළ සෙසු අමාත්‍යාංශ හා ආයතනයන්හි සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන බවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.