• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නේපාලයේ ඇති වූ භූමි කම්පාවෙන් හානියට පත් වූ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම
- නේපාලයේ ඇතිවූ භූමි කම්පාවෙන් හානියට පත් වූ ආනන්ද කුටි බෞද්ධ විහාරස්ථානය හා රාතෝ මච්චින්ද්‍රනාත් හින්දු කෝවිල ප්‍රතිසංස්කරණය සඳහා ශ්‍රී ලංකාව විසින් කටයුතු සම්පාදනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, අදාළ ඉදි කිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා නේපාල සහ ශ්‍රී ලාංකික ලංසුකරුවන්ට පමණක් සීමා කර විවෘත ටෙන්ඩර් කැඳවා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරාගැනීමටත්, යටත් පිරිසෙයින් මාස හයකට (06) වරක් හෝ අවශ්‍යතාව පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකායේ තාක්ෂණික ශිල්පීන් නේපාලයට ගොස් ඉදි කිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීමටත් බුද්ධශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.