• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රෝග විනිශ්චය සඳහා එක්ස් - රේ ඒකක සැපයීම, ස්ථාපනය කිරීම හා ක්‍රියාත්මක කරවීම සඳහා වූ ප්‍රසම්පාදනය
- උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා රෝහල්වල නව යන්ත්‍ර ස්ථාපනය කිරීමට සහ වසර 10ක් පැරණි යන්ත්‍ර ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කිරීම අවශ්‍ය වේ. ඒ අනුව, රෝග විනිශ්චය සඳහා සහාය වන එක්ස් - රේ ඒකක සැපයීම, ස්ථාපනය කිරීම හා ක්‍රියාත්මක කරවීම සඳහා වන ටෙන්ඩරය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය)රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.