• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තල් සංවර්ධන මණ්ඩලය යටතේ පවතින තික්කම් ස්කාගාරය නැවත ක්‍රියාත්මක කිරීම
- උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල සංස්කෘතියට බැඳී පවතින්නා වූත්, ආර්ථික වශයෙන් ඵලදායී වූත් තල් ගසෙන් දැනට උපරිම ප්‍රයෝජන නොගැනේ. රා ලැබෙන කාල සමය තුළ වුවද රා මැදීම සීමා වී ඇත්තේ ප්‍රමාණවත් පහසුකම් නොමැතිකම හේතුවෙනි. උතුරු පළාතේ තල් සංවර්ධන සමුපකාර සමිතිවල සාමාජිකයෝ 7,500ක් පමණ තල් රා මැදීමේ නිරත වෙති. අතිරික්ත රා තොග මඟින් ගුණාත්මක මද්‍යසාර හා වෙනත් නිෂ්පාදන නිපදවීම සඳහා තික්කම් ස්කාගාරය 1984 වර්ෂයේදී ස්ථාපිත කර ඇති අතර, රා මැදීමේ නිරත ප්‍රජාවගේ හා තල් කර්මාන්තය මත යැපෙන ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් රුපියල් මිලියන 112.5ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, නවීන යන්ත්‍රෝපකරණ යොදා තික්කම් ස්කාගාරය පුනරුත්ථාපනය කර ක්‍රියාත්මක කිරීම පිණිස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.