• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා තේ හා රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- කුඩා පරිමාණ තේ හා රබර් ඉඩම් නැවත වගා කිරීම සහ නව වගාවන් ලෙස සංවර්ධනය කිරීම, තිරසර හා ලාභදායී ව්‍යවසායන් ගොඩනැංවීම තුළින් සුළු පරිමාණ තේ හා රබර් වගා හිමියන්ගේ ආදායම සහ ජීවන තත්ත්වය නඟාසිටුවීම, තේ හා රබර් ඉඩම්වල භෝග විවිධාංගීකරණය, ප්‍රතිලාභීන්ගේ ධාරිතා සංවර්ධනය හා ව්‍යාපාරික හැකියාවන් ප්‍රවර්ධනය කිරීම, ග්‍රාමීය මූල්‍ය හා ණය සැපයුම් සේවාවන් වැඩිදියුණු කිරීම තුළින් ප්‍රතිලාභීන්ගේ දිළිඳු බව තුරන් කර ලීම යනාදිය අරමුණු කරගනිමින් සැලසුම් කරනු ලැබ ඇති 'කුඩා තේ හා රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතිය', කෘෂිකාර්මික සංවර්ධනය සදහා වන ජාත්‍යන්තර අරමුදලේ (IFAD), ශ්‍රී ලංකා රජයේ, රාජ්‍ය බැංකු හා පෞද්ගලික අංශයේ මෙන්ම ප්‍රතිලාභීන්ගේ දායකත්වය ඇතිව ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 65.4ක සමස්ත පිරිවැයකින්, 2016 - 2021 දක්වා වසර හයක (06) කාලය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.