• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බස්නාහිර කලාපීය මහානගර සංවර්ධන කටයුතු සඳහා කොරියානු ජනරජයේ ඉඩම්, යටිතල පහසුකම් සහ ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
- ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන්මඟ වේගවත් කිරීම සඳහා වන ප්‍රමුඛ උපායමාර්ගය ලෙස බස්නාහිර කලාපීය මහානගරය සැලසුම් කෙරෙන අතර, ඒ යටතේ සිදු කිරීමට නියමිත ව්‍යාපෘති බොහෝමයක් සදහා අදාළ ක්ෂේත්‍රවල ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහාය ලබාගැනීමට අවශ්‍ය වේ. ඒ අනුව, සහයෝගිතාව සඳහා වන විධිමත් රාමුවක් සැකසීම, දෙරටේ අන්‍යෝන්‍ය යහපත සඳහා දායක විය හැකි ප්‍රයත්නයන් සඳහා පහසුකම් සැලසීම, විස්තරාත්මක සැලසුම්කරණය මඟින් බස්නාහිර මහානගර ව්‍යාපෘතියේ ඇතැම් ක්ෂේත්‍රයන් සාර්ථකව ක්‍රියාවට නැංවීම යනාදී අරමුණු පෙරදැරිව, බස්නාහිර මහානගර සංවර්ධන ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම්වලට සහයෝගය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ කොරියානු ජනරජයේ ඉඩම්, යටිතල පහසුකම් සහ ප්‍රවාහන අමාත්‍යාංශය අතර වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.