• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ ජාතික ප්‍රතිපත්ති රාමුවට අදාළ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම
- කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ සහාය ඇතිව සකස් කරන ලද, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ ජාතික ප්‍රතිපත්ති රාමුවට අදාළ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමටත්, එම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීම පිණිස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උපදේශක සභාවක් සහ අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණ මණ්ඩලයක් ස්ථාපිත කිරීමටත්, 2006 අංක 17 දරන පනත යටතේ පිහිටුවන ලද ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ප්‍රතිව්‍යූහගත කිරීමටත්, මෙම ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අනෙකුත් රේඛීය අමාත්‍යාංශ හා නියෝජිත ආයතන වෙත මඟ පෙන්වීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.