• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය පනත සංශෝධනය කිරීම
- ස්වයං රැකියා නියුක්තිකයන් සඳහා විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීම 1996 අංක 17 දරන සමාජ ආරක්ෂණ මණ්ඩලය පනත මඟින් ස්ථාපිත සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන භූමිකාවයි. ඒ අනුව එම මණ්ඩලය විසින් විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම සකස් කර ක්‍රියාවට නංවනු ලබන අතර, අවුරුදු 18 - 59 අතර වයස්වල පසුවන තැනැත්තන්ට එකී යෝජනා ක්‍රම සඳහා දායක විය හැකිය. 20160331 දින වන විට එවන් සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම සඳහා දායක වී සිටි මුළු සංඛ්‍යාව 497,102ක් වූ අතර, මාසික විශ්‍රාම වැටුප් ලබන සංඛ්‍යාව 22,973ක් විය. ශ්‍රී ලංකාවේ ජනගහනයේ වයස් ව්‍යූහය සහ සාමාජයීය හා ආර්ථික කරුණු සැලකිල්ලට ගෙන, ස්වයං රැකියා නියුක්තිකයන්ට අමතරව පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්, වෘත්තිකයන්, කලාකරුවන්, දේශීය වෛද්‍යවරුන්, විදේශ රැකියා නියුක්තිකයන් සහ කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍රයන්හි නිරතවන්නන් ද මෙම යෝජනා ක්‍රම සඳහා දායක කරගනිමින් ඉලක්කගත ප්‍රතිලාභී කණ්ඩායම පුළුල් කිරීමටත්, යෝජනා ක්‍රමවල සාමාජිකත්වය හා ප්‍රතිලාභ ලැබිය හැකි වයස් සීමාව සංශෝධනය කිරීමටත් හැකි වන පරිදි ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය පනත සංශෝධනය කිරීම පිණිස සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.