• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කිරීම
- අදාළ නිර්ණායකයන් මත පදනම්ව, පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගම්වල අදහස්ද විමසමින් බස් ගාස්තු සංශෝධය කිරීමේ බලය අමාත්‍ය මණ්ඩලය විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත පවරන ලද අතර, ඒ අනුව එකී කොමිෂන් සභාව විසින් බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා වන ප්‍රතිපත්තියක් 2002 වර්ෂයේදී සකස් කර ක්‍රියාවට නංවා ඇත. බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා දැනට පවතින ප්‍රතිපත්ති හා නිර්ණායක වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය විය යුතු බවට පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගම්වල නියෝජිතයින් විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන, මනා පොදු ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාමේ අරමුණින්, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සඳහා පාදක කරගත යුතු නව නිර්ණායක වෙතොත් ඒවා ද ඇතුළත් කරමින් 2002 වර්ෂයේදී සකසන ලද ප්‍රතිපත්ති හා නිර්ණායක සමාලෝචනය කිරීම සඳහා අදාළ ආයතනවල සාමාජිකයන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.